මෙය තරුණ පෙම්වතියක හා වැඩිහිටි පෙම්වතෙකු අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන මනරම් ප්‍රේම කාව්‍යයකි. මෙය මෑත කාලෙය් සිංහළ ගීත සාහිත්‍යයට ඵක්වු ඉතා සුන්දර නිර්මාණයකි. හන්තානය ප්‍රේමයට පාරදීසයකි. එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි. මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියවෙන්නකි.

මෙම ගීතය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන සංවාදයක් ලෙස දිග හැරේ. නෙලාගන්නට බැරි හන්තාන පෙම් සිහිනය දෙස බලමින් වැළපෙන බව ඇය පවසයි. එම සංසාර පෙම් සිහිනය ගොතා වෙන අතක් බලන මෙන් ඔහු ඇයට ආයාචනා කරයි. ඵනමුදු, ඇයගෙ පැතුම එළිමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළුවී සිටින්නයි.

ඵහෙත්, තමාගේ හදවත ශෝකයෙන් පිරී පවතින බව ඔහුගෙ පිලිතුරයි. ඒ තම වෙන්ව ගිය බිරිඳ නිසාවෙනි. අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ ප්‍රභලතාවය සංකේතවත් කරයි. එහෙයින් අඳුරින් පිරි තම හදවතට නොයන ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටි. එසේනම් ඔබ වෙත සවන් යොමා ඔබ එනතුරු දුරින් ඉන්නම් යැයි ඇය ඔහුට පවසයි.

කෙසේ වෙතත් අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් ඇති කරවයි. දිනක මම නුඹ ලඟට එන්නම්, එතෙක් බලා සිටින්නට යැයි පවසමින් පෙම්වතා පෙම්වතිය සනසවයි: සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ... හන්තාන අරණේ.......

ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ උමාරියා සිංහවංශ, පද රචනය ජානක සිරිවර්ධන, සංගීතය අරුණ ගුණවර්ධන
 more than 12 Million Views in total!

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ
වැහි පබළු යට රඟමඩල මැද... ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය ලසෝ රඟහළ අමාවක අඳුරේ... නොයනු මැන ළදුනේ
වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ... හන්තාන අරණේ